කිසිදු තොරතුරක් නැති “චාමර ගුණසේකර” . . .

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 වැනිදා) වනතුරුත් සමත් වී නැත.

එමෙන්ම මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනතුරුත් සොයා ගැනීමට හැකි වී නැත. මෙම මුදල් තැන්පත් කළ බව කියන බැංකුව පිළිබඳ සහ එම ගිණුම පිළිබඳව තොරතුරු සොයා ගැනීමට මහ බැංකුවේ විශේෂඥ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. මේ පිළිබඳව විමර්ශන පැවැත්වීමට මහ බැංකුවේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ලවී තිබෙන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් දින ගණනක් තිස්සේ විමර්ශන පැවැත් වුවද එවැනි පුද්ගලයකු පිළිබඳව හෝ ඔහු පදිංචි ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිවී නැත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම සිද්ධිය පිටුපස සිටින පුද්ගලයන් රටම නොමඟ යැවීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවට සැක කරන බවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වාගෙන යති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද කිරීමට ඩොලර් මිලියන 250 ක මුදලක් එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් එම ගිණුම චාමර ගුණසේකර නමැති ශ්‍රී ලාංකිකයකුට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළේය.

  • හේමන්ත රන්දුණු
    Divaina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කරන්නාගොඩට ඇමරිකාවට ඇතුල්වීම තහනම් . . .

Thu Apr 27 , 2023
හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කර තිබේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත මෙම පියවර ගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ කටයුතු කළ කාලයේදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x