කොවිඩ් වැළඳීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට . . .

ඊයේ (01) කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. ඒ අනුව ඊයේ වන විට හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,177ක් වේ.

මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ Covid-19 ආශ්‍රිත වාර්තාවලට අනුව, අප්‍රේල් 17 සිට 24 අතර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වලින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

පසුගිය කාලය තුළ කොරෝනා ව්‍යාප්තියේ සීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කළේ ය. නමුත් අලුත් අවුරුදු සමයත් සමඟ එහි වර්ධනයක් සිදු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

කෙසේවෙතත්, එළඹෙන වෙසක් සතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය විය හැකි හේතුවෙන් පොදු ස්ථානවල ගැවසීමේ දී මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බුදු පිළිමය පෙරලා දමයි . . .

Tue May 2 , 2023
මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකල අයෙක් ඊයේ (01) සවස අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි. කෝකිලායි පොලීසියට අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබීය. බුදුමැදුරේ බිත්ති කිහිපයකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x