වෙසක් දා නායක හිමියන් ගස් බැඳලා . . .

වෙසක් පුන් පොහෝ  අළුයම මැදවච්චිය ප්‍රදේශයේ  විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ දායකයන් පිරිසක් පැමිණ ඇත. මෙසේ පැමිණි පිරිස අතර සිටි කිහිප දෙනකු බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවතට ගෙන පිරිසිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට මෙම හිමිනම අකමැත්ත ප්‍රකාශ කිරීම මෙවැන්නක් කිරීමට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී පැමිණෙන තෙක් කිසිවකු හිමිනම බැඳ තබා තිබූ ලණුව ඉවත්කර මුදා ගැනීමට ඉදිරිපත් වී නොමැති බවද පොලිසිය කියයි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කිරුළු පැළදී චාල්ස් රජු සහ කැමිලා බිසව . . .

Sat May 6 , 2023
තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථනයේ දී කිරුළ පළදිනු ලැබීය. ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000 කගේ සහභාගිත්වයෙන්. බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සමග රජ මෙහෙසිය කැමිලා ද මෙහි දී ඔටුනු පළඳිනු ලබයි. රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x