කුරුණෑගල හිටපු නගරාධිපති ඉවතට . . .

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබේ.

හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් එම තීන්දුව ලබාදී ඇත.

ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ (08) නිකුත් කළේය.

අදාළ ගැසට් නිවේදන පහතින්,

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එන්නත් කුප්පි ලක්ෂ 25ක් ගැන අල්ලස් පැමිණිල්ලක් . . .

Tue May 9 , 2023
ජනාධිපති ලේකම් කාර්යාලයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් cefuroxime ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කොට ඇති ටෙන්ඩරය සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බැව් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x