කඩල දන්සලට ගිය ශෂීට විමල්ගෙන් දොස්මුරයක් . . .

පසුගිය වෙසක් පොහෝ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කඩල දන්සලේ කඩල බෙදීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ සශි විරවංශ සහභාගී වී සිටියා. එය මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ද දැඩි උපහාසයට ලක්වී තිබුණා. 

ඊට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ ගෙන් විමල්ට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳ පුවතත් අනාවරණය වීමෙන් අනතුරුව තත්වය තවත් බරපතළ වූ බවයි වාර්තා වන්නේ. ඉන් දැඩි කෝපයට පත් විමල් වීරවංශ සිය බිරිඳට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සිය හිතවතෙකු සමඟ අදහස් දක්වමින් විමල් වීරවංශ පවසා ඇත්තේ “මේ ගෑණි මගේ පොතත් කෑවා, ඔක්කොම කෑවා මේ වැඩෙන්” කියාය.

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් පොතකුත් ලියා, ඒ ඔස්සේ මෙරට ඇමරිකානු තානාපතිනියටත් චෝදනා එල්ල කර මාධ්‍ය ඔස්සේ පුවත් මවමින් සිටි වීරවංශට ඒ අතරේම මේ අකරතැබ්බය සිදුවීම ඔහුගේ දැඩි කණගාටුවටත් කෝපයටත් හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ශෂී වීරවංශ මේ දෝෂාරෝපණය හමුවේ පවසා ඇත්තේ “මම එහේ ගිය එකක් නෑ. මහින්ද ජනාධිපතිතුමාගේ බෞද්ධ කටයුතු ලේකම් රත්නායක අයියා තමයි මාව එතෙන්ට එක්කන් ගියේ. දන්සැලක් නිසා ඉතින් මමත් කඩල බෙදුවා” යනුවෙනි.

නමුත් මේ නිදහසට කාරණය පිළිගෙන නොමැති විමල් වීරවංශ නැවත ශෂී වීරවංශ ට හොඳටම ජාතිය අමතා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දිවයිනට පැමිණි IMF නියෝජිතයෝ . . .

Thu May 11 , 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x