පාකිස්තානයේ කලහකාරී තත්ත්වයක් . . .

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැණින. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී ය.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ කලහකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වී ඇති අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ද හටගෙන ඇත.

විරෝධතාකරුවන් එක්රැස්වීම පාලනය කිරීමේ අරමුණින් මේ වන විට අන්තර්ජාල පිවිසුම් අවහිර කිරිමට ද බලධාරීන් පියවර ගෙන ඇත. එය සැළකිල්ලට ගනිමින් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අනුව අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව මෙලෙස පාකිස්තානය සඳහා නව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන කාරණයක් සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳ යළි සලකා බලන ලෙස අදාළ නිවේදන මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

විඩියෝ දර්ශන – DW News Y-Tube Channel

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් . . .

Wed May 10 , 2023
රටේ පවතින ඩොලර් හිඟයට ප්‍රධාන විසඳුමක් වශයෙන් සංචාරක පැමිණීම අරමුණු කරගනිමින් , සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු  අවධාරණය කරයි. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවයි ඔහු කියා සිටියේ. මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x