කිතුල් රා රට යයි . . .

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP  හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කීවාය.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ව්‍යාපෘතියකි.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරයි.

දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අරගලය කාලකණ්නි වැඩක් . . .

Fri May 12 , 2023
කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පාර්ලිමේන්තුවේදී පැවසීය. “පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට. මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි යනුවෙන් ද ප්‍රසන්න රණතුංග  පැවසීය. සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x