දියළුම ඇල්ල උඩ අලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්‍ෂයට . . .

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි  යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි. 

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල  පදිංචි  කේ ඒ ධනුෂ්ක (22) තරුණයෙකි. මොවුහු කොස්ලන්ද උඩ දියලුම  සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු  බැඳගෙන සිටී  බව පොලීසිය කියයි.

තරුණියට පහර දුන් වන අලියා  එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය කියයි.

පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ. කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.

  • සමන් පාලිත නානායක්කාර/ක්‍රිෂාන් ජීවක ජයරුක්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චොකලට් ලබාදී පාසල් ළමුන් ලුහුබඳියි . . .

Fri May 12 , 2023
තලෙයිමන්නාරම් ප්‍රදේශයේදී පාසල් ළමුන් තිදෙනෙකුට චොකලට් ලබාදී ඔවුන් පසුපස ලුහුබැඳ බවට සැකකෙරුනු වෑන්රථයක සිටි දෙදෙනෙකු (11) තලෙයිමන්නාරම් ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා තලෙයිමන්නාරම් පොලීසියට භාරදී ඇත. අවුරුදු 15, 12, සහ 09 යන වයස්හි පසුවූ මෙම පාසල් ළමුන් ඊයේ දින පාසල් නිම වී නිවසට පැමිණීමෙන් පසුව උපකාරක පංතියක් සඳහා ගොස් ආපසු නිවසට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x