කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් . . .

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 7ක් දැවී ලකුණු 114ක් පමණි.

ඒ අනුව තරගය ලකුණු 44කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගය ජයගැනීමත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට මෙරට ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ ලකුණු සටහන.

ශ්‍රී ලංකාව – 158/3

චමරි අතපත්තු – 32

හර්ශිතා සමරවික්‍රම – 51*

නිලක්ෂි ද සිල්වා – 63*

බංග්ලාදේශය – 114/7

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කිතුල් රා රට යයි . . .

Fri May 12 , 2023
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP  හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කීවාය. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x