පුද්ගලයින් තිදෙනෙකුගේ DNA සහිත දරු උපතක් . . .

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNA වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. 

“mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව වාර්තා වෙයි.

මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබයි.

කෙසේවෙතත් දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතුවීමෙන් දරුවන් මියයෑමට හේතු වෙයි.

මයිටොකොන්ඩ්‍රියා රෝග සුව කළ නොහැකි අතර උපතින් දින කිහිපයක් තුළ හෝ පැය කිහිපයක් ඇතුළත මාරාන්තික විය හැකි අතර එය සම්ප්‍රේෂණය වන්නේ මවගෙන් පමණි.

මෙම පරිත්‍යාගශීලි DNA ඵලදායි මයිටොකොන්ඩ්‍රියා සෑදීම සඳහා පමණක් අදාළ වන අතර, එය පෙනුම වැනි ලක්ෂණවලට බලපෑමක් සිදුනොකරන බැවින් තෙවන පාර්ශවය “මව්පියෙකු” බවට පත්වීමක් සිදුනොවන බව වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි . . .

Sun May 14 , 2023
සියලුම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන ලේකම්, රංජිත් අශෝක ‘ඉරිදා මව්බිම’ට  පැවසීය. මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x