රැකියා විරහිත තරුණයින්ට සහන පොලියට ණය . . .

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය. එම ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දී ලබාදී ඇති බව සඳහන්ය.

 එහි මුල් අදියර තුළ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කර තිබේ.

කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෙස්ටර්ගෙන් පසු කාන් සිනමා උළෙලේ ජූරියට ශ්‍රී ලාංකිකයෙක් . . .

Sun May 14 , 2023
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1992දී කාන් සිනමා උළලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් වසර 21කකට පසුව මෙරට වෙනුවෙන් එම කීර්තිමත් අවස්ථාව චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්ප කුමාරට හිමිවී තිබේ. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය තබා තිබෙන සටහන උපුටාගෙන පහත දැක්වේ. ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රංශයේ කාන් සිනමා උළෙලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x