දින 100ක් නොරොච්චෝලේ බලාගාරය වැසේ . . .

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවය. මේ අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන මෙම කාලසීමාවේදී අනෙකුත් තාප විදුලිබලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීන නර්තනාචාරිණී පද්මිණි දහනායක අභාවප්‍රාප්තවේ . . .

Tue May 16 , 2023
දේශීය නර්තන සම්ප්‍රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය. සැඩ සුළං, දරුවා කාගෙද, සුජාතා ඇතුළු සිංහල සිනමාවේ මුල් කාලීන චිත්‍රපට රැසක නර්තන ශිල්පිනියක් වූ ඇය නැටුම් අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කර තිබේ. නැ‌ටුම් ඉගනීමට කැමති අය සදහා නර්තන පාසලක්ද ඇය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x