ප්‍රධාන පාසල් 08ක් හදිසියේම වසා දමයි . . .

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) වසාදමා තිබෙනවා. එම ප්‍රදේශයන්ට ඊයේ (14) සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල් රැසක් ජලයෙන් යට වී ඇතැ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඒ අනුව මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් මොරවක හා කොටපොල කොට්ඨාශවල ඇති සියලුම පාසල් අද දින වසා ඇති බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය නිවේදනය කරයි.

මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් පස්ගොඩ කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනිකුත් සියලුම පාසල් අපදා තත්ත්වය හේතුවෙන් අද දින වසා තැබෙන බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය සඳහන් කළා.

මුලටියන අධ්‍යාපන කලාපයේ තිහගොඩ කොට්ඨාසයට අයත් කිතලගම නැගෙනහිර හා බටහිර පාසල් ද අද දින වසා තැබෙන බව මුලටියන කලාප කාර්යාලය කියා සිටියේය.

අකුරැස්ස අධ්‍යාපන කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය,පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල ද අද දින වසා තැබේ.

මේ අතර පහත සඳහන් පාසල් ද අද දින වසා තැබෙන බව අප වාර්තාකරුවන් පැවසීය.

01.මාර/දෙයියන්දර ජාතික පාසල

02.මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය

03.මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය

04.මාර/මාකඳුර ප්‍රාථමික විද්‍යාලය

05.මාර/සීනිපැල්ල ප්‍රාථමික විද්‍යාලය

06.මාර/කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය

07.මාර/කොරඹුරුවාන මහා විද්‍යාලය

08.මාර/මීපාවිට ප්‍රාථමික විද්‍යාලය

මේ අතර ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති අතර භාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිදුකෙරෙන බවයි.

“ළමයින්ගේ බහුතරයකට 80%කට වඩා තියෙන්නේ බෝනොවන ලාදුරු. ඊළඟ කාරණය තමයි අපි ඒ වගේ ළමයෙක්ව ලාදුරු රෝගියෙක් කියලා හඳුනාගන්න, ඒ අදාළ පාසලේදී පරීක්ෂාව කරන විට දී ඒ ළමයාට ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. මොකද අපි ඇවිල්ලා PHI මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්වරු, දොස්තර මහත්වරු ඇවිල්ලා බලන්නේ, ඒ ළමයාගේ ලාදුරු හඳුනාගත්ත නිසා කියලා ලොකු බයක් තියෙනවා.

අපි ළමයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ. නමුත් ඉතාම කලාතුරකින් අවස්ථාවලදී වෙනම ඒ ළමයාව හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්. සෞඛය අමාත්‍යාංශයේ ලාදුර මර්දන ව්‍යාපාරය තීරණය කළා මින් පසු අපි ලාදුරු තියෙන ළමයෙක් හමුවුණා කියලා, ළමයාගේ පාසලට ගිහින් ලාදුරු රෝගීන් ඉන්නව ද කියලා පරීක්ෂා කරන්නේ නැහැ. අපි විශේෂ අවස්ථාවලදී විතරක් කරනවා. ඒක බොහෝම කල්පනාවෙන් තොරාගත් අවස්ථාවලදී විතරයි කරන්නේ. සමස්තයක් වශයෙන් අපි කරන්නේ නැහැ ඒක.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කළුතරට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් . . .

Mon May 15 , 2023
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින  සැකකරුවෝ හතරදෙනා  අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ. දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා  මෙලෙස අධිකරණයට රැගෙන විත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x