QR ක්‍රමවේදය අද සිට . . .

QR ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) සිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව QR ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුකතාවය ලබාදෙන බවද බලශක්ති අමාත්‍යශය ප්‍රකාශ කරයි. එමෙන්ම විදුලි ජනක යන්ත්‍ර,උද්‍යාන උපකරණ,යන්ත්‍රෝපකරණ, ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ සඳහා ඉන්ධන ලබා ගැණීම සඳහා ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවල ලියාපදිංචි විය යුතු වේ.

නැවත නැවත වැරදි කරන්නන්ගේ QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට මහජනතාවගෙන් ලබාගන්නා සාක්ෂි යොදා ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන්  කර ඇත. එම අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ, නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම, විකුණූම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේ දී ලබාදී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳ ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි වට්ස්ඇප් හරහා 0742 123 123 යන අංකය වෙත යොමු කළ හැකි බවයි.

මේ අතර, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනීමට සතියක කාලක් තිබෙන බැවින්, සඳුදා දිනයේම ඉන්ධන පිරවුම්හලට එකතුවී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හම්බන්තොටට පැමිනෙන චීන නෞකාව නිසා මතබේදයක් . . .

Mon Aug 1 , 2022
අගෝසතු 11 දා හම්බන්තොටට පැමිනෙන චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව මුල්කරගෙන ඉන්දියාව සහ චීනය අතර ශ්‍රී ලංකාව සම්බන්දයෙන් හටගෙන තිබෙන මතබේදකාරී තත්වය විමර්ශනය කරණ ලිපියක් බීබීසී සංදේශය වෙබ් අඩවියේ පලකර තිබේ. කාලීන වැදගත් කම සලකා එය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත පලකෙරේ. චීන පර්යේෂණ නෞකාවක් වන යුආන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x