දින 100 ක කාලයක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ ගත කිරීමේ උත්සහයක නිරත විද්‍යාඥයෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඔහු නමින් ජෝෂප් දිතුරි ය, එසේම ඔහු වෘත්තියෙන් වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර කිමිඳුම් ගවේෂකයෙකු බව ද වාර්තා වී තිබෙනවා. මොහුගේ මෙම පර්යේෂණයේ අරමුණ වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ සම්මිශ්‍රණය කරමින් දකුණු […]

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතයෙහි පවත්නා සුවිශේෂී හා දුර්ලභ ගුණාංගයන් මත ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම සලකා බැලීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ උපදෙස් මත පත්කළ කමිටුවේ තීරණ අනුව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබිණි. කමිටු සාධාරණීකරණය අනුව ‘ජාතියේ වින්දනය හා චින්තනය කෙරෙහි ශත වර්ෂයකට […]

ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දෙනු ලැබීය. ඒ අනුව සියයට 3 ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු […]

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග  මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ  දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද (16) උදෑසන  අපවත් වූහ. අපවත් වනවිට  84 වැනි වියේ පසුවූ චන්දසිරි නාහිමියෝ කොටුගොඩ ධම්මාවාස  නාහිමියන්ගේ   අපවත්වීමෙන් අනතුරුව   2021 වර්ෂයේ ජුලි මස 20 වැනිදා එම නායක ධූරයට පත්වූහ. මාතර […]

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයේදී විදේශයන් වෙත රැගෙන ගිය පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් නැවත විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි ඇතුළු ලන්ඩනයේ, යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පාලනාධිකාරිය සමග එම පුස්තකාලයේ දී පැවැත්වුණා. දේශීය දැනුම් සම්භාරයන්ගෙන් සපිරි […]

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ. මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා […]

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි. කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය එක්ව සිදුකල මෙහෙයුමකදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහුදින යාත්‍රා හදුනාගත් බව සදහන් වේ. වෙරළ ආරක්ෂක බළකායට අයත් නිළධාරීන් නාවික හමුදා අධිවේගී යාත්‍රා […]

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට ඇතුළු අනවසරයෙක් ඇතුළුව එහි භාණ්ඩ සොරකම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරින් විසින් අහසට වෙඩි තබා තිබේ. මෙම පුද්ගලයන් තිදෙනා විසින් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැර ගෙන පැනයාමට උත්සාහ කිරීමේ දී මෙම පියවර ගෙන ඇත. මෙම පුද්ගලයන් එහි පැමිණ ඇත්තේ භාණ්ඩ සොරා ගැනීමට බවට ආරක්ෂක […]

දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි. ඔහු විසින් සිදුකරන ලද දේශනයක දී බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලට අපහාස සිදු කළේ යයි මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් සිදු […]

Google විසින් Gmail සඳහා නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අනුව Google I/O 2023 හිදී පරිශීලකයින්ට ඊමේල් ඉක්මනින් සහ වඩාත් පහසුවෙන් ලිවීමට එය උපකාරී වෙනවා. මෙමඟින් Google I/O 2023 හිදී පරිශීලකයින්ට ඊමේල් ඉක්මනින් සහ වඩාත් පහසුවෙන් ලිවීමට උපකාර කරයි. “Help Me Write” නම් නව විශේෂාංගය, මඟින් ඔබට විද්‍යුත් තැපෑලක් ටයිප් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.