ඉංග්‍රීසියෙන් යාඥා කරන රහස හෙළිවේ . . .

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධි කරණය යටතේද පරීක්ෂන ක්‍රියාත්ම විය යුතු බව පිිවතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් පවසයි. ඒ ඔහු මේ බව සදහන් කර සිටියේ අද දින (2023.05.18) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීය.

දේවගති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන ඉරිදා දින පැවැත්වීමට කටයුතු කරන රැස්වීමක් වැලැක්වීම සදහා අධිකරණ නියා්ගයක් ලබාගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීම සදහා ඔහු එහි පැමිණි අවස්ථාවේ දී මෙම අදහස් දැක්වීම සිදු කරණ ලදී.

පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් වරයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

කටුණායක ප්‍රදේශයේ පිහිටා තියෙන මිරකල් ඩෝම් කියන සුවිසල් ආයතනය හදන්න රුපියල් බිලියන තුනක් විතර ඔවුන් වියදම් කර ඇති බවට අපට විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබෙනවා. ඒ මුදල් කොහෙන්ද හොයාගත්තේ ? ඔහුට හරියට ඉංග්‍රීසි බැරිවුනත් ඔහු යාඥාව ඉංග්‍රීසි භාෂාවෙන් කරණවා. එතකොට අපිට හිතාගන්න පුළුවන් මොහුට මුදල් එන්නේ කොහෙන්ද කියලා. මේ ආකාරයට ඔහු ඉංගීසි බසින් යාඥා කරන්නටම හේතුව මුදල්. ඒ නිසා අපි නැවතත් පොලීසියෙන් ඉල්ලා සිටිනවා මුදල් විශුද්ධිකරණය පිළිබදවද සොයා බලන්න කියලා. බොහෝ දෙනෙක් ගේ ඇත්ත කතාන්දර එළියට ඒවී මේ පරීක්ෂන නිසි පරිදි සිදු වුනොත්?

ඒ වගේම මේ දේවල් භාවිතා කරමින් ජාතිවාදය වපුරමින් ආගම්වාදය වපුරමින් සමහරුන් නැවතත් නැගිටින්න හදනවා කියලා මත පලවෙනවනා. ඒ නැගිටින්න හදන අය ඉදගෙනම ඉන්න. මොකද මේක එක ජාතියකට එක ආගමකට තියෙන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ ප්‍රශ්ණයේ දී අපහාසයට ලක්වෙන්නේ බෞද්ධ ඉස්ලාම් හින්දු කියන මේ සියළුම ජනතාව. ඒ නිසා එක ජාතියක් එක ආගමක් පමණක් මුල් කරගනිමින් ජාතීන් අතර කල කෝලාහල ඇති කිරීමට කවුරුන් හෝ වෙර දරනවා නම් එය ද ප්‍රථික්ෂේප කරණ ලෙස අප ජනතාවට කියා සිටිනවා.

පිවිතුරු හෙළ උරුමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීම පහතින්,

2023.05.15

අධ්‍යක්ෂ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
යෝක්වීදිය
කොළඹ – 1

ගරු අධ්‍යක්ෂකතුමනි

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පැවැත්වීමට නියමිත රැස්වීම සදහා වාරණ නියෝගයක් ලබාගැනීම

තමන් දිවැසිවරයෙකුයැයි ප්‍රකාශකරගන්නා ජෙරම් ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු විසින් බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමටත් අනෙකුත් ආගම්වලටත් අපාහාස වන අයුරුන් සිදු කරණ ලද ප්‍රකාශය පිළිබදව අප විසින් සාක්ෂි සහිතව 2023.05.15 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගොනු කරණ ලදී.

මේ වන විට මෙම දේවගැති වරයා දිවයිනේන බැහැරව සිටින බව අණාවරණය වේ. ඔහු සිය ඉන්ස්ට්‍රග්‍රෑම් (instagram) පිටුවේ සටහනක් තබමින් සිය අනුගාමිකයන් ගෙන් ඉල්ලා සිටිනුයේ 2023.05.21 වන දින පවුල් පිටින් ඔහුගේ මුලස්ථානය වෙත පැමිණ දේව මෙහෙයක් ලෙසින් ඔහු විසින් හදුන්වන රැස්වීමකට එක්වන ලෙසයි. (එම සටහන ඇමිණුම් අංක 1 ලෙසින් සටහන් කර මේ සමග ඉදිරිපත් කර ඇත.)

මොහු ආගම් වලට අපහාස කරනු ලබන වීඩියෝව නැරඹීමේ දී දක්නට ලැබෙනුයේ මෙම දේවගැති වරයා ආගමික වෛරය පතුරවද්දී ඔහුගේ අනුගාමිකයන් අත්පොලසන් දෙමින් ඔල්වරසන් දෙමින් ඊට ආධාර සහ අනුබල ලබාදෙන ආකාරයි. (එම සටහන වීඩියෝව අඩංගු සීඩී පටය ඇමිණුම් අංක 2 ලෙසින් සටහන් කර මේ සමග ඉදිරිපත් කර ඇත.)

ඒ අනුව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කරමින් ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශ කරනු ලබන ජෙරම් ප්‍රනාන්දු නැමැති මෙම දේවගැතිවරයා සහ ඔහුගේ මෙම වෛරී හැසිරීම අනුමත කරමින් ඔහුට ආධාර අනුබල ලබා දෙන ඔහුගේ අනුගාමිකයන් එක්ව නැවත වතාවක් මෙවැනි රැස්වීමක් පැවැත්වීම නිසා සාමය ආගමික සංහිදියාව අගයන මෙවැනි ක්‍රියා හෙළා දකින මෙරට ජනතාව අනතර දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය හැක.

එමගින් ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයන් වලක්වා ගැනීම සදහා 2023.05.21 වන දින පැවැත්වීමට නියමිත මෙම ආගමික අන්තවාදීන්ගේ රැස්වීමට එරෙහිව ගරු අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගන්නා මෙන් අප ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට
දේශප්‍රේමීත්වයෙන්

ඉරංග විද්වත් මෙන්ඩිස්
ප්‍රචාරක ලේකම්
පිවිතුරු හෙළ උරුමය

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන් තොටුපළේ යකා නැටූ චීනා . . .

Fri May 19 , 2023
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු  අද (19 )  අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී , මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x