පෙර පාසල් සිගිත්තා ගෙන් ලෝක වාර්තාවක් . . .

ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන සිගිත්තා වන අවුරුදු 05ක් වූ නුවරඑළියේ කලානේෂන් හර්ෂිත් 25 දින ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය .

ස්ථාන කිසිවක්  ලකුණු නොකල ලෝක සිතියමක ලෝකෙ රටවල් 195 සහ එම රටවල්වල අගනුවරවල් විනාඩි 04යි තප්පර 16ක් වැනි කෙටි කාලයකින්  නිවැරැදිව පෙන්වා ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරන නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි කුමාරවේල් කලානේෂන් සෙල්වරාජ් ලලිදාම්බිගෙයි යුවලට දාව වයස අවුරුදු 05ක් වන පෙරපාසල් වයසේ පසුවන  කාලානේෂන් හර්ෂිත් රටවල් 24 ක ක්‍රියාත්මක වන  “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” වාර්තා පොතේ ලෝක වාර්තාවක් පිහිටුවීම (25) නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශ්‍රවණාගාරයේදී පැවැත්වින .

වසර 03 ක කාලයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ලෝක වාර්තා පොතෙහි  නුවරඑළිය දිස්ත්‍රික් සීමාව හා නගර සීමාව තුල වාර්තාවක් පිහිටුවූ පලමු කෙනා ලෙසද වයස අවුරුදු 5ක් වූ කලානේෂන් හර්ෂිත් බවත් “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ආයතනයේ නිළදාරින් අනාවරණය කරයි .

ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ජාත්‍යන්තර සංවිධානයක් හැටියට ක්‍රියාත්මක වන අතර එය ඉන්දිය මධ්‍ය රජයේ ලියාපදිංචි යටතේ රටවල් 24 ක ක්‍රියාත්මක වන ගිනස් වාර්තාවට පමණක් දෙවැනි වාර්තා පොතක් හැටියට හඳුන්වා දිය හැකි බවයි.

මෙහිදී ලෝක වාර්තාවක් පිහිටවූ කලානේෂන් හර්ෂිත් දරුවාට ඔහු විසින් පිහිටවනු ලැබූ ලෝක වාර්තාව සදහා වන සහතිකය , සම්මානය හා පදක්කම පිරිනැමීම “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ජාත්‍යන්තර ආයතනයේ  නියෝජනය කරමින් ඉන්දියාවේ සිට පැමිණි ප්‍රදාන සම්භන්ධීකාරක පෙරුමාල් නීලමේගම් මහතාගේ හා ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන් මහතා අතින් පිරිනමිණ ,

මෙහිදි අදහස් දැක්වූ කලානේෂන් හර්ෂිත් දරුවාගේ දෙමාපියන් කියා සිටියේ අද දින සිය දරුවා පිහිටපු වාර්තාව ගැන දෙමව්පියන් වශයෙන් ඔහු දැඩි සතුටට පත්වන අතර මීළඟට ගිනස් වාර්තාවක් සඳහා දරුවා පුහුණු කරන බවත් , ඒ සඳහා අවශ්‍ය සහයෝගය රජයෙන් බලාපොරොත්තු වන බවයි ,

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගුවනේදී ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙක් . . .

Fri May 26 , 2023
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු කොරියාවේ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ, Asiana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ Daegu ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකුයි. මගීන් 194 දෙනෙකු මෙම යානයේ සිට ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x