විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි . . .

රදාවඩුන්නඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා භාරදුන් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු බව කියන තෙලිජ්ජවිල පදිංචිකරුවකු සහ ගම්පහ මාකෙවිට තම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසියේ බව පැවසූ මෙම පුද්ගලයන් දෙදෙනා අද දහවල් විහාරස්ථානයට ගොස් විහාරාධිපති ලෙනව මංගල හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේදි විහාරාධිපති හිමියන්ට ඔවුන් පිළිබඳව සැක සිතී ප්‍රශ්න කර ඇත .

ප්‍රශ්න කිරීමේදී නිරුත්තර වූ සැකකරුවන් දෙදෙනා පැනයාමට සුදානම් වු අවස්ථාවේ දි විහාරාධිපති හිමියන් ගම්වාසින් හා එක්ව  සැකකරුවන් දෙදෙනා අල්ලා නිට්ටඹුව පොලිස් ස්ථානයට බාරදිමට පියවර ගෙන ඇත.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්‍රි රහීම් හදිසියේම ඩුබායි යයි . . .

Sat May 27 , 2023
පෙරේදා (25) රාත්‍රියේ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා ය. රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x