GMO යලි වර්ජනයකට . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.

රජයේ ආදායමට හානි නොවන ලෙස බදු සංශෝධන සිදු කිරීමට බාධාවක් නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව පවසා තිබියදී රජයේ ඒ පිළිබඳව නොසලකා හැර ඇති බව ද ලේකම්වරයා චෝදනා කරයි.

ජුනි මාසයේ දී මෙම සංශෝධන සිදු කරන බව ජනාධිපති වරයා දුන් පොරොන්දුව ඉටු වන බවක් දක්නට නැතැයි ද පවසන ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ බවත් කියා සිටී.

ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ බවද අලුත්ගේ තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නව පනතින් මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වෙයි . . .

Sat Jun 10 , 2023
  ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වූ පසු මාස හයක් ඇතුළත දැනට ඇති මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වනු ඇතැයි වාර්තා වෙයි. මෙරට තුළ දැනට විකාශන ආයතන 33 ක්‍රියාත්මක අතර ඒවා දැන ඒවා ගුවන්විදුලි සංස්ථා පනත හා රූපවාහිනී සංස්ථා පනත යටතේ ක‍්‍රියාත්මකය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x