පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගුවේ . . .

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින් , නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද පෙන්වා දී ඇත.

ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙනව් ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදි තීන්දුවකට පැමිණ ඇත.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.

මහ නගර සභා 24ක් ,නගර සභා41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.

  • අජන්ත කුමාර අගලකඩ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන දැනුම්දීමක් . . .

Mon Jun 12 , 2023
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා දැනුම්දීමක් සිදුකර තිබේ.   එමෙන්ම ඉදිකිරීම් අංශයට හිමිවන රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන පුද්ගලයින් හට සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x