දමිතාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප මත මුදා හැර තිබේ.ඇයව අද (සැප්. 12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස ඇප මත මුදා හැර ඇත.ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඇය සැප්. 7 වන දා කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

දමිතා අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න, නීතීඥ තේජිත කෝරලගේ, උදාර මුහන්දිරම්ගේ, තිළිණ පුංචිහේවා, එරන්ද යකන්දාවල ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිට තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් හෙළිදරවු කළ ලංකාවේ ප්‍රධාන ආර්ථික ඝාතකයන් පස් දෙනාගේ නම් මෙන්න!

Mon Sep 12 , 2022
රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව නිදහස ජනතා සභාව අවධාරණය කරයි. එහි නියෝජිතයින් ඒ බව සඳහන් කළේ, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී පැවති හමුවකදීය. එම අවස්ථාවට එක්වෙමන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් “UN එකෙත් කියන්නේ මෙතන පළමු වතාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x