පළාත් පාලන මැතිවරණයේ  වියදම් සඳහා  මුදල් ඉල්ලා  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම  ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා  පැවැසීය.දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.ප්‍රමාණවත් මුදලක්  නොලැබුණහොත්  මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර  කොමිසමේ වෙනත්  නිලධාරීහු පිරිසක් පැවසූහ.මැතිවරණයේ […]

ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ලංකාවේ පළමු නිළිය මාලිනී ෆොන්සේකාය. ඉන් පසු අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නිළියෝද ජාත්‍යන්තර සම්මාන දිනාගත්හ. මේ හැමෝම 70 දශකයට 80 දශකයට අයත් පැරැණි පරම්පරාවේ නිළියන්ය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. මාලිනී 1978 ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව සහතිකයක් දිනාගත්තාය. අනෝජා වීරසිංහ ඉන්දීය ජාත්‍යන්තර […]

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප මත මුදා හැර තිබේ.ඇයව අද (සැප්. 12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස ඇප මත මුදා හැර ඇත.ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොලිස් […]

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. https://www.bbc.com/sinhala/sri-lanka-54156956  

රටේ දැනට පවතින දේශපාලන වාතාවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම එතරම් සුදුසු නැතැයි ආරක්ෂක අංශ ආණ්ඩුවට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ප්‍රධානියකුගෙන්  කළ විමසුමකදී පැවැසුවේ එවැනි තොරතුරු ලැබී තිබෙන බව ය.දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂට එරට රැඳී සිටීමට වීසා […]

රනිල් වික්‍රමසිංහ  06 වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දෙද්දී තමන් මේ රටේ මීළඟ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණාදැයි දන්නේ නැත. හැබැයි කවදා හෝ මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට බොහොමයක් ජ්‍යෙෂ්ඨ නායකයන් තුළ මෙන්ම රනිල් තුළද එවැනි සිහිනයක් තිබෙන්නට ඇති බව නම් සහතිකය. එම සිහිනය […]

ඩලස්ලා, විමල්ලා උදයලාත් රට වැටිච්ච තැනට වගකියන්න ඕනෑ යූඑන්පී – සජබ දෙකම කැඩුණාම අපේ කඳවුරයි ශක්තිමත් වෙන්නේ ගෙවල් හදාගන්න ඕනෙ නම් ඩලස්ට ඡන්දෙ දුන්නත් ඇතිනේ ගෝඨාභය මහත්තයා රටට ගේන්න ඕනෑ: හිටපු ජනපති හැටියට සියලු වරප්‍රසාද දෙන්න ඕනෑ මගේ ගෙට ගිනි තිබ්බ අයත් එක්ක මම ගනුදෙනුව බේරගන්නම් බැසිල් මහත්තයා ආයෙ එනවා නම් ඉතාම හොඳයි […]

මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිතය. එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.

අපේ රටේ ඇති තෙල් පිරිපහදුව සක්‍රීයව ක්‍රියාත්මක කිරීම තුළ 16% සිට 24% දක්වා ලාභයක් අත්කර ගත හැකිව තිබියදී එකී තෙල් පිරිපහදුව වසා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් ඒ සඳහා කුමන හේතු තිබුණත් විවිධ පාර්ශ්වයන් කුමන මත ඉදිරිපත් කලත් ජාතික සම්පතක් වන අපේ රටේ ඇති තෙල් පිරිපහදුවත් තෙල් සංස්ථාවත් […]

ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත. පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළ වලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අධිකරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.