O/L ලියා පාසල වැනසූ දරුවන් . . .

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා දිඹුලාගල, මඟුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට කළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානි කළ සිසුන් හයදෙනෙකු සහ ඔවුන්ගේ මවුපියන් පොලිසියට කැඳවා අවවාද කිරීමෙන් පසු සිසුන්ගේ මවුපියන් දරුවන් විසින් විනාශ කරන ලද පොදු දේපළ ‍ෙදාළොස් වන දාට පෙර නැවත තිබූ පරිදි ම සකස්කර දීමට පොරොන්දු වූ බව ද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේ ය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සිසුන් හයදෙනකුගේ කණ්ඩායමක් විද්‍යාලයේ පන්ති කාමරවල තිබූ උපකරණ, විදුලි පංකා මෙන් ම විද්‍යාලයේ වැසිකිළිවල ‍ෙදාරවල් කඩා දේපළ රැසක් විනාශ කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව අදාළ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් මනම්පිටිය පොලිසියට කැඳවා සිසුන් විසින් විනාශ කර දැමූ සියලු පොදු දේපළ තිබූ පරිදි ම සකස් කරවීමට මවුපියන්ට මනම්පිටිය පොලිසිය විසින් උපදෙස් දී තිබෙන අතර එසේ නොකළහොත් පොදු දේපළ විනාශ කිරීම යටතේ නඩු පැවැරීමට කටයුතු කරන බව ද පොලිසිය මවුපියන්ට දන්වා තිබේ.

ඒ අනුව තම දරුවන් විද්‍යාලයේ සම්පත්වලට කළ හානිය යථා තත්ත්වයට පත්කර සකස් කරදීමට මවුපියන් පොරොන්දු වී තිබෙන බව ද මනම්පිටිය පොලිසිය පවසයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වාගේ උපදෙස් පරිදි මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වති.

එම විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 13 වන දා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.

  • මනම්පිටිය – නිමල් ජයරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යාපනේ සතියට දින 2ක් ටියුෂන් තහනම් . . .

Tue Jun 13 , 2023
ජූලි මස 1 වන දා සිට යාපනයේ පළමු වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී පෞද්ගලික පන්ති පැවැත්වීම යාපනය දිසාලේකම් අම්බලවානර් සිවපාලසුන්දරම් විසින් තහනම් කරනු ලැබ තිබේ. මෙම පන්තිවලට අයත් සිසුන්ට පෞද්ගලික නිවාසවල ද සිකුරාදා හා ඉරිදා දිනවලදී පන්ති නොකරන ලෙස දිසාලේකම්වරයා දැනුම් දී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x