ජූලි මස 1 වන දා සිට යාපනයේ පළමු වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී පෞද්ගලික පන්ති පැවැත්වීම යාපනය දිසාලේකම් අම්බලවානර් සිවපාලසුන්දරම් විසින් තහනම් කරනු ලැබ තිබේ. මෙම පන්තිවලට අයත් සිසුන්ට පෞද්ගලික නිවාසවල ද සිකුරාදා හා ඉරිදා දිනවලදී පන්ති නොකරන ලෙස දිසාලේකම්වරයා දැනුම් දී ඇත. […]

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා දිඹුලාගල, මඟුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට කළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානි කළ සිසුන් […]

හොරණ රාජකීය විදුහලේ ගුරු විවේකාගාරය තුළ තිබූ රුපියල් එක් ලක්ෂ තිස්තුන්දාහක් පමණ වටිනා දේපළ අඩංගුව තිබූ ගුරුවරියගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. එම අත් බෑගය තුළ රුපියල් එක් ලක්ෂ විසිදාහක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7000 ක් පමණ වටිනා දුරකථනයක් මෙන්ම රුපියල් 6000ක මුදලක් තිබී […]

අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ආයතනයක ඉහළ තනතුරකට ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  පත්ව ඇතැයි පැවසෙන උසස් නිලධාරියකු සම්බන්ධයෙන් විගණන  අංශ විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ. විගණන  අංශ මේ විමර්ශනය  අරඹා ඇත්තේ ඔහුගේ  අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණනාවක් පදනම් කරගෙනය. මේ උසස් නිලධාරියා  ඉදිරිපත් කර ඇති ව්‍යාපාර පරිපාලනයට අදාළ […]

විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය. සදාචාරාත්මකව මාධ්‍ය හසුරුවන ආයතනය එම පනතට බියවිය යුතු නැතැයි ද මාරසිංහ කීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මේ බව සඳහන් කළේය. […]

භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කළ බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අන්තනෝමතික ලෙස අවලංගු කිරීමෙන්  විවිධ බරපතළ මට්ටමේ  අක්‍රමිකතා සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත . බලපත්‍ර නිකුත් කිරීමට  කාර්යාංශයට බලතල ලබාදී ඇතත් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයැදුම්පත් යොමුකිරීමෙන්  […]

ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ ආර්ථිකය කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා නැගෙනුයේ හේතු විරහිතව නොව සහේතුකවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් කලෙක පක්ෂ කාර්යාලයකින් වෙනස් නොවීය. පාලකයන්ගේ නෑදෑ හිතවතුන්ගේ මනදොළ සපුරන නින්දගමක් බවට එය පත්ව තිබිණි. සියවස් ගණනාවකින් හෝ මෙම ආයතනය ගොඩ නැගිය නොහැකි බවට සමාජ මතයක් නිර්මාණය වී […]

සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු. 1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.