ලක්ෂ ගානක භාණ්ඩත් එක්ක ගුරුවරියගේ අත්බෑගය අතුරුදන් . . .

හොරණ රාජකීය විදුහලේ ගුරු විවේකාගාරය තුළ තිබූ රුපියල් එක් ලක්ෂ තිස්තුන්දාහක් පමණ වටිනා දේපළ අඩංගුව තිබූ ගුරුවරියගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

එම අත් බෑගය තුළ රුපියල් එක් ලක්ෂ විසිදාහක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7000 ක් පමණ වටිනා දුරකථනයක් මෙන්ම රුපියල් 6000ක මුදලක් තිබී ඇති බව ගුරුවරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් එකොළොස් වැනි දින පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම පාසැල් ළමුන්ගේ දෙමාපියන් දෙමවුපියන් කැඳවා පිරිසුදු කිරීමේ කටයුතු සිදු කර ඇති අතර එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගුරුවරිය 6 හා 7 ශ්‍රේණි සඳහා වෙන්කර ඇති ගුරු විවේකාගාරය තුළ මේසයක් මත බෑග් එකේ තබා පිටව ගොස් විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව පැමිණ අත් බෑගය තැබූ මේසය අසලට පැමිණීමේ දී එය නොමැති බව දැක තිබූ බව පොලිසිය පවසයි.

පසුව අනෙකුත් ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කර බෑගය සොයා බැලුවත් එය නොතිබූ බවත් ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

හොරණ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ – බණ්ඩාරගම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

O/L ලියා පාසල වැනසූ දරුවන් . . .

Tue Jun 13 , 2023
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා දිඹුලාගල, මඟුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට කළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානි කළ සිසුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x