සදාචාරයක් නැති මාධ්‍ය විකාශන පනතට බිය විය යුතුයි . . .

විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය.

සදාචාරාත්මකව මාධ්‍ය හසුරුවන ආයතනය එම පනතට බියවිය යුතු නැතැයි ද මාරසිංහ කීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මේ බව සඳහන් කළේය.

මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට දැනටමත් පුළුවන්කම තිබෙන බව කී ආශු මාරසිංහ නමුත් එවැනි දෙයක් සිදු නොවන බව සඳහන් කළේය.

සමාජ මාධ්‍යවලට තද නීති අවශ්‍ය බවත් ව්‍යාජ සමාජ මාධ්‍ය  ගිණුමක් ආරම්භ කර ගැනීමෙන්  පසු තමන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන බව කී මාරසිංහ ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිරීති  පනත් ලෙස සම්මත කර ගත යුතු යැයි ප්‍රකාශ කළේය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධ්‍යාපන ආයතනයක ලොක්කෙක් ගැන ලොකු විමර්ශනයක් . . .

Tue Jun 13 , 2023
අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ආයතනයක ඉහළ තනතුරකට ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  පත්ව ඇතැයි පැවසෙන උසස් නිලධාරියකු සම්බන්ධයෙන් විගණන  අංශ විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ. විගණන  අංශ මේ විමර්ශනය  අරඹා ඇත්තේ ඔහුගේ  අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණනාවක් පදනම් කරගෙනය. මේ උසස් නිලධාරියා  ඉදිරිපත් කර ඇති ව්‍යාපාර පරිපාලනයට අදාළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x