රුසියාවෙන් න්‍යාෂ්ටික විදුලි බලාගාරයක් . . .

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ ප්‍රකාශ කර ඇත.

මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවයක් එක් කරනු ඇතැයි අබේවික්‍රම පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීම තුළින් මෙරට බල ශක්ති අර්බුදයට කල්පවතින විසඳුමක් ලැබෙන බව අබේවික්‍රම පවසා තිබේ.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අනාගතයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ද සොයා බලන බවත් අබේවික්‍රම පෙන්වා දී ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආර්ථික වර්ධනය පහළට . . .

Thu Jun 15 , 2023
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි සඳහන් වන්නේ 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් වාර්තාවී ඇති බවය. 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.8%ක සුළු වර්ධනයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x