ඝනපූර්ණ ප්‍රශ්නයෙන් මැතිසබය උණුසුම්වේ . . .

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ සභාවේ ඝනපූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්  සභාවේ කටයුතු අද (8) පස්වරුවේ අවස්ථා හතරකදී  ඇණ හිටියේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මන්ත්‍රීවරයකු එක ළඟ ළඟ ඝනපූර්ණ ප්‍රශ්නය සිවු වතාවක් මතු කළ පළමු අවස්ථාව  මෙය බවයි.

ඝන පූර්ණ ප්‍රශ්නය මතු කළ මේ සෑම අවස්ථාවකදීම  සීනුව නාද කර  මන්ත්‍රීවරුන් කැඳවීමට මූලාසනයට සිදුවිය.

තම පක්ෂයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිවීමට පොරොන්දු වූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම්  තමා සෑම අවස්ථාවකම සභාවේ ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (8) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඔහු ඝනපූර්ණය ප්‍රශ්නය මෙසේ මතු කළේ ඒ අනුවය.

එක් අවස්ථාවක විමල් වීරවංශ ඝනපූර්ණය ප්‍රශ්නය මතු කර සභාවෙන් පිටව ගොස් සිටියේය.  මෙහිදී අදහස් දැක්වූ මුලසුනේ සිටි සමන්ප්‍රිය හෙරත් මන්ත්‍රීවරයා පැවසුවේ ඝන පූර්ණ ප්‍රශ්නය මතු කළ මන්ත්‍රීවරයා සභාවේ නොසිටී නම් සභාවේ  කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.

ඒ අනුව සභාවේ කටයුතු පටන් ගැනිණ. එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග පොතේ කියවා ඇත්තේ බාගයක් පමණක් බවයි.

මේ අවස්ථාවේදී වීරවංශ සභාවට පැමිණ ඝනපූර්ණ ප්‍රශ්නය සිවු වැනි  වතාවටත්  මතු කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඝන පූර්ණ ප්‍රශ්නය මෙසේ මතු කිරීමෙන් සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් . . .

Tue Aug 8 , 2023
කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි. පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි කළමනාකරුවකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි ගින්නෙ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x