අබ්දුල් හලීම්ගේ මල්ලි පොලිස් අත්අඩංගුවට . . .

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් ගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් ඔහු රුපියල් ලක්ෂ 2 ½ ක්, රුපියල් 100,000 ක් සහ 50,000ක් ඔහු විසින් වංචා කොට ඇති බවට ගලගෙදර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු  කරන ලද පැමිණිලි වලට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රැකියා සඳහා පිටත්ව යාමට ඔහු ව්‍යාජ වීසා බලපත් පවා පැමිණිලිකරුවන්ට නිකුත්කොට තිබී ඇති අතර මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත් සම්බන්ධයෙන් ඩුබායි තානාපති කාර්යාලයෙන් කර ඇති සොයා බැලීමකදී එම වීසා බලපත් ව්‍යාජ ඒවා බවත් එවැනි වීසා ඔවුන් විසින් නිකුත් කොට නොමැති බවත් පොලිසියට තහවුරු කොට තිබෙන බව පොලීසිය කියයි .

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොම්පඤ්ඤවීදියේ නිවාස පෙන්වා මුදල් වංචා කරලා . . .

Sun Jun 18 , 2023
  කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයකින් නිවසක් දෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් වංචා කළේ යැයි චෝදනාවට ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔහු පුද්ගලයන් රැසකින් අමෙරිකානු ඩොලර් 300,678 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x