තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක්වේ . . .

තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබේ.

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව වාර්තාවේ.  මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව යම් හෙයකින් වෙළෙඳෙපොලේ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබු පෙට්‍රෝලියම් ගෑස් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

‘සතොස’ ඈවර කිරීමේ සූදානමක් . . .

Sun Jun 18 , 2023
අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. යොහාන් භාසුර

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x