තණකොල වවන්න චීනයෙන් එයි . . .

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි ඉඩම්වල සත්ත්ව ආහාර වශයෙන් ඇල්ෆැල්ෆා නමැති තෘණ විශේෂය වගා කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සඳහා චීනයේ සමාගමක් ඉදිරිපත් වී ඇති අතර එහි නියෝජිත පිරිසක් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමු වී ඇත.

එහිදී මෙම ඇල්ෆැල්ෆා ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, ඇල්ෆැල්ෆා යනු ගවයින්ට ලබා දෙන තෘණ විශේෂයක් වන බවත් දැනට මෙරට ඇල්ෆැල්ෆා වගාව නොමැති බවත් ය.

කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය යටතේ වගා කරන ඇල්ෆැල්ෆා සකස් කිරීමෙන් අනතුරුව චීනයට එය අපනයනය කිරිමටත් තීරණය කර ඇත.

එමෙන්ම ඇල්ෆැල්ෆා සත්ත්ව ආහාරයක් ලෙස සැකසීම සඳහා කර්මාන්තශාලාවක් හා කාර්යාල පරිශ්‍රයක් ද ඉදි කිරීමට නියමිතයි.

  • Krishani
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න බැහැ කියයි . . .

Tue Jun 20 , 2023
  ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය. සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී. මෙම දුරකතනය සහ සිම්කාඩ් පත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x