සමූහ මිනී වළ හෑරීම අධිකරණය නවත්වයි . . .

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස මුලතිව් අධිකරණයෙන් පෙරේදා (ජූලි 12) නියෝගයක් ලැබී තිබේ.

එවැනි නියෝගයක් නිකුත් කොට ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නියමයන්ට අනුකූලව කැණීම් ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නා තුරු ය.

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු නිසි ප්‍රමිතියට හා ජාත්‍යන්තර නියමයන්ට අනුකූල නොවන බවට පාර්ශව රැසක් ම චෝදනා කළ අතර එවැනි මට්ටමක කැණීම් කටයුතු පවත්වාගෙන යන ලෙස එම සමූහ මිනී වළ ආසන්නයේ උද්ඝෝෂණයක් ද පසුගිය දා සංවිධානය කොට තිබිණි.

කෙසේ වෙතත්, දින තුනක කාලයක් මෙම ස්ථානයේ සිදු කළ කැණීම්වලදී කොටි සාමාජිකාවන්ගේ බවට සැක කරන මිනිස් අස්ථි කොටස් 16ක්, කොටි නිල ඇඳුම් කිහිපයක්, අවි ආයුධ, බෝම්බ හා තවත් යුද්ධ උපකරණ කිහිපයක් ද සොයා ගැනීමට හැකි විණි.

එම ද්‍රව්‍ය මේ වන විට මුලතිව් අධිකරණයේ ගබඩා කොට තිබේ.

කෝකිලායි හා මුලතිව් පොලිස් ස්ථානද මුලතිව් ආරක්ෂක අංශ ද කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ජාත්‍යන්තර නියමයන්ට හා ප්‍රමිතියට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

  • R C Gamage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක් . . .

Fri Jul 14 , 2023
වැටුප් රහිත නිවාඩු (දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ  විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන්   කිසිදු හානියක් නොවන බව  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින්  දැනුම්දී ඇත. එසේම  ඔවුන් වැටුප් රහිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x