එන්නත් පිළිබඳ මව්පියන්ට පණිවිඩයක් . . .

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙසයි.

ඔහු පෙන්වා දුන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන බවයි.

ඒ අනුව රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු වන බවත්, නොඑසේ නම් රෝග රැසක් උත්සන්න වීමට එය හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දුන්නේය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනකගේ පෙත්සම් සඳහා නීතිපතිගෙන් විරෝධතා . . .

Wed Jul 19 , 2023
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබේ. මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x