සද මතුපිට පාපන්දු තරගයක් . . .

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පා පන්දුය. 2035 වසරේ සඳ මතුපිට පා පන්දු තරගයක් පැවැත්වීමට අයි.ඊ.ටී නමැති ඉන්ජිනේරු තාක්ෂණ ආයතනය සූදානම් වෙයි. තරගය පැවැත්වෙනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට සමගාමීවය.

මේ වනවිටත් ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට ගගනගාමීන් රැගෙන යෑමට ‘ආටිමිස්’ නමින් චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ. පිරිමියකු මෙන්ම ගැහැනියක ද සඳට පය තැබීමට නියමිතව ඇත්තේ 2025 වසරෙන් පසුවය. 2025 වසරෙන් පසු ඇමෙරිකාව සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ආරම්භ කරනු ඇත.

ගුරුත්ව බලයක් නොමැති සඳ මතුපිට පාපන්දු තරගාවලියක් පැවැත්වුවහොත් එය අපූරු අත්දැකීමක් වනු ඇතැයි පැවැසෙයි. සඳ මතුපිට පා පන්දු තරගයක් පැවැත්වෙන අයුරු පෙන්වන පරිගණක ඡායාරූප පෙළක් ද මේ වනවිටත් ඉන්ජිනේරු තාක්ෂණ සමාගම ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ක්‍රීඩකයන් පස් දෙනකු බැගින් එක කණ්ඩායමකට යොදා ගැනෙයි. තරග පැවැත්වෙන්නේ මිනිත්තු දහයේ තරග වාර 4 ක් බැගිනි. විශේෂයෙන් නිපදවූ ගගන ඇඳුම් කට්ටලවලින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මිනිත්තු 20 බැගින් විවේක ගැනීමට අවස්ථාව ලබා දෙන බව ද පැවැසෙයි.

මීට අමතරව, පාපන්දු තරගයට විශේෂිත පන්දුවක් ද නිපදවෙනු ඇති බවත්, මෙම පන්දුව නිපදවනු ඇත්තේ ‘නෙක්ස්ට් ජෙන් ඒරෝජෙල්’ සමාගමය. තරගය පැවැත්වෙන ක්‍රීඩා පිටිය සඳ මතුපිට නිර්මාණය කිරීම සිදු කරනු ලබන්නේ ලේසර් තාක්ෂණයෙනි.

තරගයේ විනිසුරුකරුවන් ‘හොලග්‍රෑම්’ තාක්ෂණයෙන් නිර්මාණය වන විනිසුරුකරුවන්ය. ගුරුත්ව බලය අඩු බැවින් සහ ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී එහෙට මෙහෙට විසිවන බැවින් ‘හොලග්‍රෑම්’ විනිසුරුකරුවන් යොදා ගැනීම සුදුසු යැයි පැවැසෙයි. රතු කාඞ්පත්, කහ කාඞ්පත් ප්‍රදර්ශය සිදුවන්නේ වර්චුවල් තාක්ෂණය හරහාය.

  • Lankadeepa
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසංගත රෝග 3ක් යළි හිස ඔසවයි . . .

Fri Jul 21 , 2023
  ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් පාලනය කර තිබූ වසංගත රෝග 3ක් නැවත රට තුළ වර්ධනය වී ඇතැයි රාජිත සේනාරත්න ඊයේ (ජූලි 20) පාර්ලිමේන්තුවේදී පැවසීය. මැලේරියා, බරවා සහ සරම්ප යන රෝග එසේ නැවත වර්ධනය වෙමින් පවතින අතර මෙම රෝග තත්ත්වයන් පසුගිය සමයේ රට තුළ සම්පූර්ණයෙන් ම පාලනය කර තිබූ නමුත් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x