කාර්යාල සේවිකාවන් හවසට ගණිකා වෘත්තීයේ . . .

කොළඹ කාර්යාල වල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන්ය. පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාල වල සේවය කරන කාන්තාවන් බවයි.

ඔවුන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගැනීමට පුරුදු වී සිටින බව පොලිසිය කියා සිටී.

ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

කාන්තාවක් සදහා රුපියල් නවදහසක මුදලක් ගෙවිය යුතු බවත් රාත්‍රී පුරා ගත කරන්නේ නම් රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු බවත් පොලිසිය පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමලිංගිකයන් වෙනුවෙන් විශේෂ පානයක් . . .

Sat Jul 22 , 2023
සමලිංගික ප්‍රජාව (LGBTQ+) වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබේ. එය හදුන්වා ඇත්තේ ‘Gay Water’ යන නාමයෙන් වන අතර සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් මෙම පානය වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වේ. මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙකි. එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර “අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x