චීන උපාංග සඳහා ඉන්දියාවෙන් තහනමක් . . .

ආරක්ෂක දුර්වලතා පිළිබඳ කනස්සල්ල මත චීනයේ නිෂ්පාදිත උපාංග භාවිත කිරීම ඉන්දියාව මෑත මාසවලදී දේශීය මිලිටරි ඩ්‍රෝන නිෂ්පාදකයින්ට තහනම් කර ඇත. 

න්‍යෂ්ටික සන්නද්ධ අසල්වාසීන් අතර ආතතීන් මධ්‍යයේ සහ නවදිල්ලිය මිනිසුන් රහිත ඩ්‍රෝන යානා සහ අනෙකුත් ස්වයංක්‍රීය උපාංග වැඩි වශයෙන් භාවිත කිරීමට අපේක්ෂා කරන පසුබිමක මෙම පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

දේශීය නිෂ්පාදිත ඩ්‍රෝන හමුදාවේ අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තු වන බැවින්, ඩ්‍රෝනවල සන්නිවේදන ක්‍රියාකාරකම්, කැමරා, ගුවන්විදුලි සම්ප්‍රේෂණ සහ මෙහෙයුම් මෘදුකාංගවල චීනයේ නිෂ්පාදිත කොටස් තිබීම මගින් බුද්ධි තොරතුරු රැස්කිරීම් අවදානමට ලක්විය හැකි බවට ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානීන් කනස්සල්ලට පත්ව සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

එක්සත් ජනපද කොන්ග්‍රසයද 2019 දී පෙන්ටගනයට චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන සහ සංරචක මිලදී ගැනීම හෝ භාවිත කිරීම තහනම් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුව මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීම අඩු කරයි . . .

Sat Aug 19 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් කාසි හා නෝට්ටු නිකුත් කිරීම අඩු කර තිබේ. ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ 2018 වසර සාපේක්ෂව මේ වන විට 50%කින් පමණ එය අඩු කර ඇති බවයි. ඔහු මේ බව කියා සිටී මීගමුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x