බෙන්ස් රථයක් ගිනි ගෙන අලු වෙයි . . .

ඇත්කදුර ගෙවල් විස්ස බෝක්කුව අසල දී අද මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ඇල්පිටිය පොලීසිය කියයි.

බෙන්ස් වර්ගයේ මෙම  මෝටර් රථය දුරකථන කුලුනක ගැටීම හේතුවෙන් අනතුරට පත්වීමෙන් පසු මෙම ගිනි ගැනීම සිදුව තිබෙන බව මෝටර් රථය ධාවනය කල රියදුරා පොලිසියට පවසා ඇත.

බටපොල, මීටියාගොඩ ප්‍රදේශයේ සැලූන් එකක සිට එහි වැඩකරන කිහිප දෙනෙකු නිවෙස් වලට ඇරලවීම සඳහා මෙම මෝටර් රථය ඇත්කදුර ප්‍රදේශයට පැමිණි ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මෝටර් රථය අනතුරට පත්ව ගිනි ගන්නා අවස්ථාවේ රථය තුල රියදුරු ඇතුළු තිදෙනෙකු සිට ඇති අතර අනතුරින් ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද ඇල්පිටිය පොලිසිය කියයි.

මිටියාගොඩ ප්‍රදේශයෙන් මෝටර් රථය පිටත් වී තිබෙන අතර ඒ වන විට එහි සිව් (04) දෙනෙකු ගමන් කර තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු නිවෙස් වෙත ඇරලවීමෙන් පසු මෙම අනතුර සිදුව තිබෙන බවද ඇල්පිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක අනර විජේසිංහ ප්‍රකාශ කළේය.

ඇල්පිටිය රථවාහන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

  • ජයකාන්ත ලියනගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව වේගවත්ම මිනිසා . . .

Mon Aug 21 , 2023
ලොව වේගවත්ම මිනිසා ලෙස ඇමරිකානු කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස් පත්ව තිබෙනවා. ඒ, හංගේරියාවේ පැවති ලෝක ශුරතා මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 100 පිරිමි අවසන් තරඟය තත්පර 9.83 කින් නිම කරමින්. කාලය තත්පර 9.88ක් නිම කරමින් එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ක්‍රීඩක ලේට්සිල් ටොබේගේයි හිමි කරගත් අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x