ලොව වේගවත්ම මිනිසා . . .

ලොව වේගවත්ම මිනිසා ලෙස ඇමරිකානු කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස් පත්ව තිබෙනවා.

ඒ, හංගේරියාවේ පැවති ලෝක ශුරතා මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 100 පිරිමි අවසන් තරඟය තත්පර 9.83 කින් නිම කරමින්.

කාලය තත්පර 9.88ක් නිම කරමින් එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ක්‍රීඩක ලේට්සිල් ටොබේගේයි හිමි කරගත් අතර බ්‍රිතාන්‍ය ක්‍රීඩක සාහේල් හියුස් ද තත්පර 9.88කින් තරඟය නිම කළත් ඔහු තත්පර දහසකින් එකක පමාවකින් තුන්වන ස්ථානයට පත් විය.

එය පිරිමි මීටර් 100 ඉසව්වේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වසර විස්සකට පසු දිනු පළමු පදක්කම ද වෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අමෙරිකාවේ ප්‍රබල භූමිකම්පාවක් . . .

Mon Aug 21 , 2023
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් බවයි සඳහන් වෙන්නේ. දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එය ප්‍රදේශ රැසකට දැනී ඇති අතර ඉන් සිදුවු ජිවිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x