පොල්පිටිය, හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට . . .

පොල්පිටිය, හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් කර තිබේ. කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ පද්ධතියක් මෙලෙස ජාතික පද්ධතියට අද (24) උදෑසන සිට එක්කෙරුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නන්දික පතිරගේ පවසයි.

රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් හරහා රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා පැවති බාධක හේතුවෙන් අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකි වී තිබිණි.

කෙසේ වෙතත් එම ගැටලුව නිරාකරණය කිරීමත් සමඟම එම ඉඩම හරහා නව රැහැන් පද්ධතිය ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.

පොල්පිටිය, හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකු ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් වැය කෙරුණු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමඟ සමනල වැව ජල විදුලි බලාගාරයෙන් විදුලිය උත්පාදනය අඩු වුව ද දකුණු පළාතට විදුලිය සැපයීම බාධාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නන්දික පතිරගේ පෙන්වා දුන්නේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනතාව රවටන ආයතන 09ක් තහනම් කරයි . . .

Thu Aug 24 , 2023
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. තහනම් කරන ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x