‘වැග්නර්’ ලොක්කා ගුවන් අනතුරකින් මරුට . . .

රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අනතුර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වෙයි. මීට මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ ප්‍රිගෝෂින් ය. දින දෙකකට පමණක් සීමා වුණු එම කැරැල්ල අසාර්ථක විය.

එම කැරැල්ල සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රිගෝෂින් අතරේත්, ප්‍රිගෝෂින් සහ රුසියන් හමුදා ප්‍රධානීන් අතරේත් විරසකයක් පැවැතිණි. අතීතයේ පුටින්ගේ සමීපතම මිතුරකු වූයේ ද ප්‍රිගෝෂින් ය. හමුදා කැරැල්ලට ප්‍රිගොෂින් යොමු වූයේ රුසියන් හමුදාවෙන් ඔහුගේ කුලී හේවා බලඇණියට එල්ල වුණු කෙණෙහිලිකම් නිසාය.

‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියානු හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට යුක්රේනයේ පළාත් රැසක් අල්ලා ගත්තේ ‘වැග්නර්’ කුලී හේවායන්ගේ උදවු ඇතිවය. අප්‍රිකා කලාපයේ රටවල් බොහොමයක ‘වැග්නර්’ කුලී හේවායන් ක්‍රියාත්මක වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොල්පිටිය, හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට . . .

Thu Aug 24 , 2023
පොල්පිටිය, හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් කර තිබේ. කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ පද්ධතියක් මෙලෙස ජාතික පද්ධතියට අද (24) උදෑසන සිට එක්කෙරුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නන්දික පතිරගේ පවසයි. රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් හරහා රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා පැවති බාධක හේතුවෙන් අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x