වාහනහිමියන්ට විශේෂ පණිවිඩයක් . . .

කූට ව්‍යාපාරිකයින් විසින් වාහන හිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස පැවසීය,

“ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මෙවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත්භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මෑතකදී නිකුත් කරනු ලැබුවා.”

“ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරන ලබන ලිහිසි තෙල් නැවත වතාවක් පිරිපහදු කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. ඒ වගේම ග්‍රීස්වලට පිටි මිශ්‍ර කරලා නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. මේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් නැහැ. මේ වගේ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් වෙන්න තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා.”

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ව්‍යාපාරිකයින් ඉලක්ක කර සංවිධාන කරනු ලබන “සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක්” නම් වැඩසටහනේදී මේ පිළිබඳව දැනුවත් කෙරුණි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කෙරේ . . .

Thu Aug 31 , 2023
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්ඔය සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩුවකට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. 2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x