ඉන්දියානුවෙක් සඳෙන් ඉඩමක් අරන් . . .

ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු නමින් රූපෙෂ් මාසන්. පදිංචිය ජම්මු කාශ්මීරයේ කියලා තමයි වාර්තා වන්නේ.

මාසන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇත්තේ ඉකුත් අගෝස්තු මස 25 වනදායි.

එනම් ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 ගවේෂණ යානය සාර්ථකව සඳෙහි දකුණු ධ්‍රැවයට ගොඩ බෑමෙන් දින දෙකකට පසුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි නමැති ආයතනයක් ඔස්සේ ඔහු මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට ද සඳෙහි ඉඩම් හිමියි.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සරසවි පෙම වියරු වෙයි . . .

Tue Sep 5 , 2023
තම පෙම්වතා විසින් අමානුෂික ලෙස පහර දීමකට හා වධහිංසා පැමිණවීමකට ලක්වීමේ හේතුවෙන් විසි නව හැවිරිදි තරුණියක් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්වසන ආධාරක යන්ත්‍රයක් සවි කර ඇති ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින බවයි. රෝහල් ගත කර ඇති ඇයගේ තත්ත්වය අසාධ්‍ය වෙමින් කොළඹ ජාතික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x