ලංකාවේ චිත්‍රපට නීති වෙනස් කල “මුරලි-800” . . .

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිලේ සුපිරි පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ලෙසින් ඉන්දියාවේ නිෂ්පාදිත ‘මුරලි -800’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ හඬ කවා ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශන පිළිබඳ නීති වෙනස් කිරීමට සිදු වූ බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ලෝකයේ දක්ෂතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන අපේ රටේ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් කොට නිර්මාණය කළ ‘මුරලි -800’ චිත්‍රපටය ඔක්තෝබර් මස 6 වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වේ.

‘මුරලි-800’ චිත්‍රපටය වෙනුවෙන් ඊයේ කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, මුරලි වෙනුවෙන් ඔහුට කරන ගෞරවයක් ලෙස සිනමාවට පනවා ඇති නීතියක් ද විශේෂ අවසරයක් ලබා දී වෙනස් කළ බව ය.

ඒ, විදෙස් චිත්‍රපටයක් හඬ කවා ප්‍රදර්ශනය කිරීමට දීමේ අවසරය ගැන ය.

සාමාන්‍යයෙන් මෙරට සිනමා නීති රීතිවලට අනුව, විදෙස් චිත්‍රපටයක් හඬ කවා ප්‍රදර්ශනය කිරීමට අවසරය නැත.

එහෙත් මුරලි අපේ රටේ ක්‍රීඩාවට ගෙන දුන් ගෞරවය ගැන සලකා දමිළ බසින් නිපදවා ඇති මෙම චිත්‍රපටය සිංහල හඬ කවන්නට අවසරය ලබා දී ඇත.

මේ එවන් අවසරයක් දෙන පළමු සහ අවසන් අවස්ථාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විභාග දෙපාර්තමේන්තුවට කෝටි තුනක පොල්ලක් . . .

Mon Sep 25 , 2023
ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වරෂයේ (2022) අවසන් වනවිට මෙකි මුදල අයවිමට තිබු අතර එකි ආයතන වෙතින් වියදම් අයකර ගැනිමේ නිශ්චිත ක්‍රමවේදයක් සහිත උපදෙස් ලබාදෙන ලෙස විභාගදේපාර්තමේන්තුව  මහා භාණ්ඩාගාරයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x