දුම්රිය මගීන් සම්බන්ධ වැටලීම් වැඩි කරයි . . .

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි.

මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් ‍පෙළඹී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන් 72 දෙනෙකුගෙන් මෙම දඩ මුදල් අය කරගෙන ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා . . .

Wed Sep 27 , 2023
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය. එම සිසුවා  පොලියට යොමු කිරිමෙන් අනතුරුව  තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය . මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x