වාහන ආදායම් බලපත්‍රය නිවසේ සිටම ලබා ගතහැකි අලුත්ම ක්‍රමය . . .

මෙරට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ලබන ඔක්තොම්බර 07 වනදා සිට මෙලෙස වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව පවතින්නේ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ,

“වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා.

07 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. ”

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති . . .

Tue Oct 3 , 2023
මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු  එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x