එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර . . .

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ ට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රණසිංහ ගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත “එඩ්මන්ඩ් ගේ පත්තර විප්ලවය” කෘතිය ද ⁣මෙහිදී  ජනගත කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කෘතිය එඩ්මන්ඩ් රණසිංහ ට පිළිගැන්වීය.

මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට උපහාර පිදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව මෙම උපහාර උත්සවය සංවිධාන කෙරිණි.

මාධ්‍ය විශිෂ්ටයින් ඇගැයීමේ ජාතික යුතුකම ඉටු කරන බුහුමන් පෙළහරක සමාරම්භක සම්භාවනාව යන තේමාවෙන් උත්සවය පැවැත්විණි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසන්න රණතුංගගේ තවත් ඉඩම් කොල්ලයක් . . .

Wed Oct 4 , 2023
තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසළ රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබා දීමේ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕස්ට්‍රේලියාවේ පදිංචි අනිෂ්කා රංජීවි ද සිල්වා නැමැති කාන්තාව විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් තර තිබේ. එහි වගඋත්තරකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x