මාදිවෙල හොරට හිටපු මන්ත්‍රී හයකට නඩු . . .

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත.

මෙම මන්ත්‍රීවරු 6 දෙනාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ කිසියම් කාලයක් රැඳී සිටි අය වෙති.

ඔවුන් මෙසේ ගෙවා නැතැයි පැවසෙන්නේ එම කාලයට අදාළ නිවාස කුලිය, හිඟ විදුලි සහ ජල බිල්පත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව එම හිඟ මුදලට දඩ මුදල්ද එකතුවී පවතින බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම හිඟ මුදල් ගෙවන ලෙස එම හිටපු මන්ත්‍රීවරුන් හය දෙනාට කාලයක් තිස්සේ දැනුම්දී ඇතත් හිඟ මුදල් ඔවුන් මෙතෙක් ගෙවා නැතැයි දැනගන්නට ඇත.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් එම හිටපු මන්ත්‍රීවරුන් හය දෙනාට තව නොබෝ දිනකින් නඩු පැවරෙනු ඇත.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඖෂධවලටත් මිල සූත්‍රයක් . . .

Sat Oct 7 , 2023
වසර අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශ්වවල එකඟතාව මත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙත් වසර අටක කාලයක් ක්‍රියාත්මක කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x