කඳපොළ හරහා රාගල මාර්ගය වසා දමයි . . .

කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා දිවෙන  මාර්ගය කොන්කෝඩියා වතු ප්‍රදේශයේදී නායයාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන්  නවතා දමා  ඇතැයි කඳපොල පොලීසිය පවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ විශාල කොටසක් නායයාමකට ලක්ව පවතින බවත්, එම  මාර්ගය භාවිතා කරනු ලබන පිරිස් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර රථ වාහන රියදුරන්ගෙන් හා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

වතු හා ගම්මාන රැසක ජනතාව හා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින විශාල පිරිසක් දෛනිකව  මෙම මාර්ගය භාවිතා කරනු ලැබු බවත්, මේ හේතුවෙන් එම පිරිස් දැඩි දුෂ්කතරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින බව කොන්කෝඩියා වත්තේ වතු කම්කරුවෝ පවසති.

  • ශාන්ත චන්ද්‍රසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙරට රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක් . . .

Wed Oct 18 , 2023
රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට සිදුව තිබේ. පවතින තත්ත්වය තුළ පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x