CIDය භාරයේ සිටින හරක් කටාට සැප වැඩිවෙයි . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තකට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීම අධිකරණයෙන් විශේෂ අවසරයක් හිමිව තිබෙනවා.

නීතිඥවරුන් විසින් ඔහු වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (19) මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව හරක් කටා රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධාරියෙකු හරහා එය සිදුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි . . .

Thu Oct 19 , 2023
පැවති ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසට අද (19) උදෑසන වන විට තැනින් තැන ගල් පෙරළී  තිබේ. ඉහළ කඳු මුදුන් වල සිට බුරුල් වී ඇති ගල් පර්වත පෙරලීමේ අවදානම තවදුරටත් පවතින බව පවසන පොලිසිය මෙම මාර්ග භාවිතයේදී දැඩි විමසිල්ලෙන් පසුවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x