ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල . . .

ගම්පහ මහ නගර සභාවේ හිටපු පුරපති එරංග සේනානායක විසින් පැවති මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මත 2022 වසරේදී නගර සභාවෙහි ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවිකිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලි බිල බින්දුවට පත් කිරීමට හැකිව ඇති බව ගම්පහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය සදහන් කරයි.

විදුලි බිල වැඩිවීමට පෙරදී මාසික විදුලි බිල ලෙස නගරසභාවට රුපියල් ලක්ෂ හයක් පමණ ගෙවීමට සිදුව ඇති අතර සූර්ය පැනල නොවූයේ නම් එය මේ වනවිට තෙගුණයක් වීමට ඉඩ තිබුණ බවත් මෙය නගර සභාවට විශාල සහනයක්ව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළේය

නගර සභාවට විදුලි බිලෙන් මෙලෙස නිදහස්වීමට හැකිවීම පිළිබඳව ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල ට සැලවීම මත නාගරික කොමසාරිස්වරිය අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර දිසාපතිවරයා සදහන් කර සිටියේ , ගම්පහ මහ නගර සභාවේ මෙම කටයුත්ත ඉතා අගය කළ යුත්තක් බවත් මෙය ආදර්ශයට ගෙන සෙසු ආයතනද සූර්ය පැනල මගින් විදුලිය නිපදවා ගැනීමට යොමුවීම වැදගත් බවත් ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයද මීට යොමුවීමට පියවර ගන්නා බවත්ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි . . .

Sun Oct 22 , 2023
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 64 වන වියෙහි පසු විය. අද (ඔක්. 22) අලුයම ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් ය. ප්‍රේමසිරි හේවාවසම් ශ්‍රී ලාංකීය රූපලාවණ්‍ය ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන මෙහෙවරක් කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x